ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) පනත ක්‍රියාත්මක වන්නේ විවෘත රජයක්, පුරවැසියන්ගේ පාලනය සඳහා ක්‍රියාකාරී සහභාගීත්වයක් සහ රටේ ජනතාවට වගවීම පිළිබඳ පොරොන්දුවක් ගෙන එමිනි.
සටහන: කම්කරු දෙපාර්තමේන්තුවට යොමු කරන ලද පැමිණිලිවල විමර්ශනවලට අදාළ ප්‍රගතිය සහ එම පැමිණිලි සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු එවැනි පැමිණිලිවලට සම්බන්ධ පාර්ශ්වයන්ට සෘජුවම ලබා ගත හැකිය. එවැනි තොරතුරු සඳහා වන ඉල්ලීම් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ සිදු කිරීම අවශ්‍ය නොවේ. තවද, පරීක්ෂණයකට අදාළ කරුණු සම්බන්ධයෙන් දැනටමත් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ නම්, ඉල්ලීම අධිකරණයට යොමු කරනු ලබන අතර අධිකරණයේ අවසරය මත අදාළ පාර්ශවයන්ට තොරතුරු ලබා දෙනු ලැබේ.
කෙසේ වෙතත්, පැමිණිල්ලකට අදාළ බාහිර පාර්ශවයක් පැමිණිල්ල පිළිබඳ තොරතුරු හෝ පැමිණිල්ලට අදාළව සිදු කරන ලද විමර්ශනය පිළිබඳ තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවක, එම පැමිණිල්ල සම්බන්ධයෙන් දැනටමත් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද නැතහොත් අනාගතයේදී අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාවක් තිබේද යන්න තහවුරු කර ගනු ලැබේ. එම කරුණු සලකා බලන විට, හෙළිදරව් කළ හැකි තොරතුරු පමණක් ඉල්ලා සිටින පාර්ශවයට ලබා දෙනු ලැබේ.
සියලුම කම්කරු නීතිවලට අදාළ සියලුම අණපනත්, පනත්, රෙගුලාසි, ආකෘති සහ උපදෙස් මාලාව දැනටමත් වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇති බැවින්, එවැනි ලේඛන ලබා ගැනීමට හෝ එවැනි අණපනත්, පනත්, රෙගුලාසි, ආකෘති සහ උපදෙස් මාලාව පිළිබඳ තොරතුරු ලබා ගැනීමට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ. ඒවා වෙබ් අඩවිය හරහා කෙලින්ම ලබා ගත හැකිය. තවද, මෙම කරුණු පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් එය ඔබගේ ළඟම ඇති කම්කරු කාර්යාලය හරහා ලබා ගත හැකිය. සියලුම කම්කරු කාර්යාලවල දුරකථන අංක වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇත. (මෙය මාධ්‍යයට තොරතුරු හෙළිදරව් කිරීම ඇතුළත් නොවේ.)

