1923 අංක 01 දරන ඉන්දියානු සංක්‍රමණික කම්කරු ආඥා පනත යටතේ කම්කරු දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද්දේ සංක්‍රමණික ඉන්දියානු වතු කම්කරුවන් සඳහා සුභසාධනය සැපයීමේ අරමුණ ඇතිවය.
කම්කරු දෙපාර්තමේන්තුවේ මූලික කාර්යය වන්නේ නීති ක්‍රියාත්මක කිරීමයි. මේ සඳහා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අංශ 13ක් යටතේ මෙම කාර්යයන් ක්‍රියාත්මක වන අතර, ඊට අමතරව කලාප කම්කරු කාර්යාල 11ක්, දිස්ත්‍රික් කම්කරු කාර්යාල 40ක්, උප කම්කරු කාර්යාල 17ක් සහ දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂණ ඉංජිනේරු කාර්යාල 10ක් ක්‍රියාත්මක වේ.
















