කම්කරු සංඛ්‍යාලේඛන අංශය
කම්කරු සංඛ්‍යාලේඛන අංශයේ ප්‍රධාන වගකීම වන්නේ නිවැරදි සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුවට අවශ්‍ය නිවැරදි හා කාලෝචිත සංඛ්‍යාලේඛන තොරතුරු සැපයීමයි.
කම්කරු සංඛ්‍යාලේඛන අංශයේ ප්‍රධාන කාර්යයන්
1. “පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ රැකියා පිළිබඳ වාර්ෂික වාර්තාව” නිකුත් කිරීම:
පුද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශයේ රැකියා, වැඩ කරන වේලාව, ඉපැයීම් සහ සේවා යෝජකයන් විසින් දරනු ලබන ශ්‍රම පිරිවැය පිළිබඳ තොරතුරු මෙම වාර්තාවේ අඩංගු වේ. මේ සඳහා අවශ්‍ය දත්ත රැස් කිරීම පිනිස කම්කරු සංඛ්‍යාලේඛන අංශය මගින් සංඛ්‍යානමය ක්‍රමවේදයන්ට අනුව තෝරා ගනු ලැබූ නියැදි සමීක්ෂණයක් වාර්ෂිකව පවත්වනු ලැබේ.
2. “පෞද්ගලික අංශයේ කම්කරු අවශ්‍යතා පිළිබඳ ඉදිරි දැක්ම පිළිබඳ වාර්ෂික වාර්තාව” නිකුත්කිරීම
කම්කරු සංඛ්‍යාලේඛන අංශය 2023 සිට සංඛ්‍යාලේඛන ක්‍රමවේදයට අනුව තෝරාගත් නියැදි සමීක්ෂණයක් මත පදනම්ව රැකියාව, ස්ත්‍රී පුරුෂ භාවය, වයස සහ අවශ්‍ය සුදුසුකම් අනුව පුද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශයේ ශ්‍රම අවශ්‍යතා පිළිබඳ තොරතුරු නිකුත් කරයි. 2022 වසර සඳහා රටේ පැවති අයහපත් තත්ත්වය හේතුවෙන් ගූගල් පෝරමයක් භාවිතා කරමින් පර්යේෂණයක් ලෙස මෙම සමීක්ෂණය ආරම්භ කරන ලදි.
3. වාර්ෂික කම්කරු සංඛ්‍යාති වාර්තාව නිකුත් කිරීම
මෙම වාර්තාව සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, කම්කරු දෙපාර්තමේන්තුව ඇතුළු බොහෝ රාජ්‍ය ආයතනවල සහාය ඇතිවපිලියෙල කරන අතර ශ්‍රී ලංකාවේ ජනගහනය, ශ්‍රම සැපයුම, ඉපැයීම් සහ ජීවන තත්ත්වයන් සහ කම්කරු නීති බලාත්මක කිරීම යන කරුනු ඔස්සේ තොරතුරු ඇතුළත් කෙරේ.
4. ජාතික කම්කරු දර්ශක නිකුත් කිරීම:
5. ජාතික සහ ජාත්‍යන්තර ආයතනවල ඉල්ලීම පරිදි අදාළ දත්ත නිකුත් කිරීම.
නවතම ප්‍රකාශන

දුරකථන:
නියෝජ්‍ය අධ්‍යක්ෂ 0112104876
සංඛ්‍යාලේඛනඥ 0112104884
සංඛ්‍යාලේඛනඥ 0112104883
සංඛ්‍යාලේඛන අංශය 0112104877, ෆැක්ස්: 0112368055 ; ඊ මේල්:labourst@sltnet.lk
|