මුල් පිටුව අංශ කාන්තා හා ළමා කටයුතු අංශය

කාන්තා හා ළමා කටයුතු අංශය

කාන්තාවන් තරුණ අය හා ළමුන් සේවයෙහි යෙදවීම පිළිබඳ නිතී රෙගුලාසි ක්‍රියාත්මක කිරිම ප්‍රධාන කාර්යයභාර්ය වේ. මෙම අරමුණ උදෙසා පහත පනත් ක්‍රියාත්මක කිරිමේ වගකීම මෙම අංශයට පැවරී ඇත.

 

මෙම අංශයේ ප්‍රධාන ක්‍රියාකාරකම්

  • ශ්‍රී ලංකාවෙන් ළමා ශ්‍රමය තුරන් කිරිමට අවශ්‍ය කටයුතු සිදුකිරිම
  • ළමයින් සඳහා වන ජාතික සැලැස්ම දියත් කිරිම උදෙසා රජයේ සේවකයන් සහ මහජනතාව දැනුවත් කිරිම
  • දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය ළමා සංවර්ධන කමිටු සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ සක්‍රිය සහභාගිත්වය තහවුරු කිරිම සහ එම කටයුතු නියාමනය කිරිම
  • ළමා ශ්‍රමයට ගොදුරුව සේවයෙහි යොදා ඇති ළමයින් විධිමත් අධ්‍යාපනයට යොමු කරලීම
  • පෞද්ගලික හා අර්ධ රාජ්‍ය සේවක සේවිකාවන් වෙනුවෙන් ප්‍රසූත නිවාඩු ක්‍රියාත්මක කිරිම
  • කාන්තා රැකියා නියුක්තිය වැඩිකිරිම සඳහා වන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
  • කාන්තාවන් හා තරුණ අය සේවයේ යෙදවීමේ නිතීය ක්‍රියාත්මක කිරිම
  • කාන්තාවන්,තරුණයින් සහ ළමයින් සේවයේ යෙදවීමේ පනත යටතේ කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීමට අනුමැතිය ලබා දීම නියාමනය කිරිම.
  • කාන්තාවන්,තරුණයින් සහ ළමයින් රැකියාවේ යෙදවීමේ නිතිමය ප්‍රතිපාදනයන් උල්ලංගනය කිරිම පිළිබඳ ලැබෙන පැමිණිලි විභාග කිරිම.
  • කාන්තාවන්,තරුණයින් සහ ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ කාන්තා සේවිකාවන් හා මහජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් පැවැත්වීම.
  • කාන්තා සේවිකාවන් හා ළමයින් පිළිබඳව රාජකාරියෙහි නිරත වන නිලධාරින් පුහුණු කිරිම සහ සංවේදිතාවය ඇතිකිරිම.
  • කොග්ගල සහ කටුනායක අපනයන සැකසුම් කලාපයන්හි සේවිකාවන්ට සහනදායි ගාස්තු යටතේ නේවාසිකාගාර සහසුකම් ලබාදීම.
  • වැඩ කරන කාන්තාවන් හා ළමුන් පිළිබඳ සමික්ෂණ පැවැත්වීම.

 

තනතුර                                                              දුරකථන අංකය

1.       කම්කරු කොමසාරිස්                               +94112104860

2.       නියෝජ්‍ය කම්කරු කොමසාරිස්                +94112104861

3.       සහකාර කම්කරු කොමසාරිස්                   +94112369800

4.       කම්කරු නිලධාරී                                     +94112104864

5.       කාර්යාලය                                             +94112104865

6.       ළමා පැමිණලි                                        1929 (ජාතික ළමාරක්ෂක අධිකාරියේ ළමා උපකාරක සේවය)

අවසන් යාවත්කාලීන කිරීම 2023 පෙබරවාරි 14 වෙනි අඟහරුවාදා, 06:14