මුල් පිටුව අංශ කාර්මික සම්බන්ධතා අංශය

කාර්මික සම්බන්ධතා  අංශය

හැඳින්වීම

කාර්මික සබඳතා  ක්ෂේත්‍රයේ  සේව්‍ය හා  සේවක පාර්ශවයන් අතර ආරාවුල් ඇතිවීම  වැලැක්වීමහෝ කාර්මික ආරාවුලක් ඇතිවීමට ඉඩ ඇතැයි හැඟෙන විට හෝ ආරාවුල් ඇති වූ විට විසඳීමට ක්‍රියා කරමින් වඩා යහපත් සේව්‍ය - සේවක සම්බන්ධතාවයක් මගින් රටේ කාර්මික සාමය පවත්වා ගැනීම තුළින්ද,   පෞද්ගලිකව සේව්‍යාට හා  සේවකයන්ට ප්‍රතිලාභද පොදුවේ  ජාතික ආර්ථිකය නංවාලීමට දායක වීමද  කාර්මික සම්බන්ධතා අංශය මගින්  සිදු කෙරේ.

වගකීම් දරණ ප්‍රධාන නීතින්

  • 1950 අංක 43 දරණ කාර්මික ආරාවුල් පනත
  • 1983 අංක 12 දරන පාරිතෝෂික  ගෙවීමේ පනත

කාර්මික ආරාවුල් නිරවුල් කිරීමේ යාන්ත්‍රණයන්

  • සාමූහික ගිවිසුම් (Collective Agreements)
  • සමාදානයෙන් නිරවුල් කිරීම ((Settlement by conciliation)
  • බේරුම්කරණය  (Arbitration)
  • ස්වේච්ඡා බේරුම්කරණය ( Voluntary Arbitration) 
  • අනිවාර්ය බේරුම්කරණය  (Compulsory Arbitration)
  • කාර්මික අධිකරණය වෙත යොමු කිරීම(Industrial Courts)     

මහජනතාවට සපයන සේවා

  • කාර්මික ආරාවුල් පැමිණිලි පිලිබඳ සාකච්ඡා  පවත්වා නිරවුල් කිරීම හෝ එසේ  නොහැකි වූ විට   බේරුම්කරණය වෙත  යොමු කිරීම
  • කාර්මික ආරාවුල් පනත යටතේ සේවක හා සේවායෝජක පාර්ශවයන් වෙත උපදෙස් ලබාදීම
  • පාරිතෝෂික ගෙවීම්  පිළිබඳ පැහැදිලි කිරීම්,  උපදෙස්  හා තීරණ ලබාදීම
  • සාමූහික ගිවිසුම් ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කිරීම

 

කාර්මික සම්බන්ධතා  අංශය හා සම්බන්ධ විය හැකි දුරකථන  අංක

කම්කරු කොමසාරිස් (කාර්මික සම්බන්ධතා): +94112582608(327)

නියෝජ්‍ය කම්කරු කොමසාරිස්: +94112368966(408) / +94112368502(320)

සහකාර කම්කරු කොමසාරිස්: +94112368114(359) / +94112368035

කාර්මික සම්බන්ධතා අංශය: +94112369484(334)

ෆැක්ස්: +94112582608

 

කාර්මික සම්බන්ධතා අංශය,

7 වන මහල,                                            

කම්කරු දෙපාර්තමේන්තුව,

කම්කරු මහලේකම් කාර්යාලය,

කොළඹ 05.

අවසන් යාවත්කාලීන කිරීම 2018 ජූනි 08 වෙනි සිකුරාදා, 05:10