මුල් පිටුව අංශ ආයතන අංශය

ආයතන අංශය

අංශයේ කාර්යභාරය

  • කම්කරු දෙපාර්තමේන්තුවේ සමස්ථ සංවර්ධන ක්‍රියාවලිය තුළ සිටින මානව සම්පත කළමනාකරණය
  • කාර්ය මණ්ඩලය ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම තුළින්දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීම සඳහා සහාය වීම
  • දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන 3000කට ආසන්න කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලිපි ගොනු යාවත්කාලීන කර පවත්වාගෙන යාම
  • දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිළිබඳ සියළුම විනය කටයුතු
  • දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ගිය නිලධාරින්ගේ පෞද්ගලිකලිපි ගොනු සහ වෘත්තීය පුහුණු අධිකාරියට මුදාහරින ලද නිලධාරින්ගේ පෞද්ගලිකලිපි ගොනු සම්බන්ධ කටයුතු ඉටු කිරීම

මහජනතාවට සපයන සේවා (සියළුම දෙපාර්තමේන්තුමය කාර්ය මණ්ඩලය සඳහා)

දෙපාර්තමේන්තුගත නිලධාරීන්,

  • තනතුරු අනුමත කරවා ගැනීම
  • බඳවා ගැනීමේ පරිපාටි සකස් කිරීම
  • බඳවා ගැනීම
  • ස්ථිර කිරීම
  • කාර්යක්ෂමතා කඩඉම් පරික්ෂණ පැවැත්වීම
  • උසස් කිරීම
  • විශ්‍රාම ගැන්වීම දක්වා වු සියළුම කටයුතු
  • දෙපාර්තමේන්තු අවශ්‍යතාවය පරිදි සමස්ථ කාර්ය මණ්ඩලය අනුමත කර ගැනීමට කටයුතු කිරීම

දීප ව්‍යාප්ත සේවා වල නිලධාරීන් මෙම දෙපාර්තමේන්තවට අනුයුක්ත කිරීමෙන් පසුව,

  • තනතුරු අනුමත කරවා ගැනීම
  • බඳවා ගැනීමේ පරිපාටි සකස් කිරීම (අදාළ වන අවස්ථාවන් හීදි)
  • ස්ථිර කිරීම
  • කාර්යක්ෂමතා කඩඉම් පරික්ෂණ පැවැත්වීම (අදාළ වන අවස්ථාවන් හීදි)
  • උසස් කිරීම
  • විශ්‍රාම ගැන්වීම දක්වා වු සියළුම කටයුතු

සියළුම නිලධාරින්ගේ,

  • අභ්‍යන්තර හා බාහිර ස්ථාන මාරු සම්බන්ධ කටයුතු
  • නිලධාරින්ගේ නිවාඩු සම්බන්ධ කටයුතු
  • වැටුප් පරිවර්තන සකස් කිරිමේ කටයුතු
  • වැටුප් වර්ධක ලබා දීම
  • දෙපාර්තමේන්තුවේ සියළුම නිලධාරින්ගේ පෞද්ගලික ලිපි ගොනු යාවත්කාලීන කර පවත්වාගෙන යාම
  • සියළුම නිලධාරින්ගේ විනය කටයුතු

ආයතන අංශය හා සම්බන්ධ විය හැකි දුරකථන අංක

#

තනතුර / අංශය

දුරකථන අංක

1

අතිරේක කම්කරු කොමසාරිස් ජනරාල්

+94 112581970

2

කම්කරු කොමසාරිස් (පාලන)

+94 112368253

3

නියෝජ්‍ය කම්කරු කොමසාරිස් (පාලන)

+94 112368063

4

සහකාර කම්කරු කොමසාරිස් (පාලන)

+94 112582709

5

සහකාර කම්කරු කොමසාරිස් (ආයතන)

+94 112504461

 

අවසන් යාවත්කාලීන කිරීම 2018 ජූලි 04 වෙනි බදාදා, 03:18