ළමා ශ්‍රම විරෝධී දිනය 2025
2025 වර්ෂයේ ළමා ශ්‍රම විරෝධී දිනයට සමගාමීව කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශය විසින් ශ්‍රී ලංකා පොලීසියේ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලැබූ “ළමා ශ්‍රමය තුරන් කිරීම සම්බන්ධ දැනුවත් කිරීමේ පා ගමන”, කම්කරු අමාත්‍යාංශයේ ගරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේද, සහභාගිත්වයෙන් 2025 ජුනි මස 12 වන දින තොටළඟ මංසන්ධියෙන් ආරම්භ වී, ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන නිවාස සංකීර්ණය තෙක් මහජනතාව දැනුවත් කරමින්, සිදු කරන ලදී.
එහිදී, අවුරුදු 16 ට අඩු ළමයින් සේවයේ යෙදවීම සහ අවුරුදු 16 -18 තරුණ අය අනතුරුදායක රැකියාවන්හි සේවයේ යෙදවීම වැළැක්වීම සම්බන්ධයෙන් නිර්මාණය කරනු ලැබූ වීදි නාට්‍යයක් රඟදැක්වීම මගින් සහ පෝස්ටර්, බැනර් ප්‍රදර්ශනය හා අත්පත්‍රිකා බෙදාහැරීම මගින් රැස් වූ පිරිස දැනුවත් කරන ලදී.
කම්කරු අමාත්‍යාංශයේ ගරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා, කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ කම්කරු කොමසාරිස්, එන්. එම්. වයි. තුෂාරි මහත්මිය, ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රජා පොලිස් පුහුණු අංශයේ ස්ථානාධිපති පුලස්ති ජයසේකර මහතා හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් සුරංජිත් සමීර මහතා රැස් වූ පිරිස ආමන්ත්‍රණය කළ අතර, කම්කරු නිලධාරී යූ. ටී. ඩබ්. රත්නායක මහතා විසින් ළමා ශ්‍රමය හා අනතුරුදායක ළමා ශ්‍රමය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ දේශනයක් ද සිදු කරමින් මහජනතාව තවදුරටත් දැනුවත් කරන ලදී.