හැඳින්වීම:
අනාගතයේදී ඇති විය හැකි හෝ ඇති වී ඇති කාර්මික ආරවුල් විසඳීම මගින් වඩා හොඳ සේවායෝජක-කම්කරු සබඳතා තුළින් කාර්මික සාමය පවත්වා ගැනීම හෝ සේවායෝජක සහ සේවකයින් අතර ආරවුල් වැළැක්වීම, සේවායෝජක සහ සේවකයින් සඳහා පුද්ගලික ප්රතිලාභ සහ පොදුවේ ජාතික ආර්ථිකය නංවාලීමට දායක වීම මෙම අංශය විසින් සිදු කරනු ලබන කාර්යයන් වේ.

