හැඳින්වීම
කාර්මික අධිකරණය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා, වසර තුනක් නොඉක්මවන කාලයක් සඳහා අවම වශයෙන් පුද්ගලයින් 5 දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් පත් කරයි.
කාර්මික ආරවුල් බේරුම්කරණය සඳහා හෝ කාර්මික අධිකරණය වෙත නිරවුල් කිරීම සඳහා යොමු කරනු ලැබේ. මෙහිදී සුළු කාර්මික ආරවුලක් කාර්මික ආරවුල් පනතේ 4(1) වගන්තිය ප්‍රකාරව ගරු අමාත්‍යවරයා විසින් බේරුම්කරුවෙකුට හෝ බේරුම්කරණ මණ්ඩලයක් වෙත ලිඛිතව යොමු කළ හැකි අතර, ඕනෑම කාර්මික ආරවුලක් පනතේ 4(2) වගන්තිය ප්‍රකාරව නිරවුල් කිරීම සඳහා ගරු අමාත්‍යවරයා විසින් කාර්මික අධිකරණය වෙත ඉදිරිපත් කළ හැකිය.
කම්කරුවෙකුට හෝ වෘත්තීය සමිතියකට කාර්මික ආරවුලක් වහාම කාර්මික අධිකරණයට යොමු කළ හැකිය.

