කර්මාන්තශාලා සහ ඉදිකිරීම් වැඩබිම් වල සුරක්ෂිතතා කමිටු පිහිටුවීම තුලින් සුරක්ෂිතතාවය ඉහල නැංවීම

කර්මාන්තශාලාවල සුරක්ෂිතතාවය ඉහල නැංවීමේ අරමුණින් 2022 වර්ෂයේ සිට සෑම කර්මාන්තශාලාවකම සුරක්ෂිතත කමිටු පිහිටුවා එහි ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරමින් සුරක්ෂිතතාවය ඉහල නැංවීම සඳහා  පියවර ගනිමින් සිටින බව සතුටින් දන්වමි.       

ඊට අදාලව වැඩසටහන් පවත්වමින් කර්මාන්තශාලා වල ඉහල ඵලදායීතාවයක් ඇති කිරීමට අපේක්ෂිතය. මේ සඳහා මූලික වශයෙන් ඔබ ආයතනයේ සේවක සහභාගීත්වය ලබා ගනිමින් සුරක්ෂිතතා කමිටු පිහිටුවිය යුතු අතර, එම කමිටු කම්කරු දෙපාර්තමේන්තුවේ අදාල ප්‍රදේශයේ දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාලයේ ලේඛනගත කර සම්බන්ධීකරණ ක්‍රියාවලිය සිදු කරනු ලබයි.

ඔබ ආයතනයේ සුරක්ෂිතතා කමිටු පිහිටුවීමේ දී මේ සමග ලබා දෙන ලද අත් පොත/අත්පත්‍රිකාව  මුලික මාර්ගෝපදේශකයක් ලෙස භාවිත කර කමිටු පිහිටුවන ලෙසත් අදාල සියළුම වාර්තා ඔබ කර්මාන්තශාලාවට අදාල බල ප්‍රදේශයේ දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාල වෙත යොමු කරන ලෙසත් කාරුණිකව දන්වා සිටිමි.

 

සුරක්ෂිතතා කමිටු පිහිටුවීම පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා විමසන්න                                          

ඊ.අබේසිරිවර්ධන

කම්කරු කොමසාරිස් (කර්මාන්ත සුරක්ෂිතතා)  සහ ප්‍රධාන කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු

දුරකථන අංක 0718053058/0112508783

අවසන් යාවත්කාලීන කිරීම 2023 මාර්තු 28 වෙනි අඟහරුවාදා, 08:31