කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සේවක අර්ථසාධක අරමුදල යටතේ සේවායෝජකයින් ලියාපදිංචි කිරීම

කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සේවක අර්ථසාධක අරමුදල් අංශය මඟින් සේවායෝජකයින් ලියාපදිංචි කිරීම පහත සඳහන් දිස්ත්‍රික් කම්කරු කාර්යාල වලට අයත් බල ප්‍රදේශ වලට පමණක් සීමා කර ඇත. අනෙකුත් ප්‍රදේශ වල සේවායෝජකයින් තම ආයතනය පිහිටි ස්ථානය අයත් කම්කරු කාර්යාලයෙන් තම ආයතනය ලියාපදිංචි කර ගන්නා මෙන් දන්වමි.

  1. දකුණු කොළඹ
  2. නැනෙහිර කොළඹ
  3. බටහිර කොළඹ
  4. මැද කොළඹ
  5. උතුරු කොළඹ

ඒ අනුව ලියාපදිංචිය සඳහා අදාල ලේඛන epfrecoverydivision@gmail.com යන ඊ තැපෑල වෙත හෝ WhatsApp මාර්ගයෙන් 0701811622 යන දුරකථන අංකය වෙත යොමු කරන ලෙස දන්වන අතර අදාල ලේඛන හා අවශ්‍ය උපදෙස් මෙම වෙබ් අඩවියෙන් බාගත කර ගත හැක. ලියාපදිංචිය සම්බන්ධ තොරතුරු මෙම වෙබ් අඩවියේ අපගේ සේවාවන් යටතේ දක්වා ඇත. වැඩිදුර උපදෙස් සඳහා 0112369190, 0112368062, 0112369376 දුරකථන අංක අමතන්න.

ඉහත සඳහන් දිස්ත්‍රික් කම්කරු බල ප්‍රදේශ වලට අදාල ප්‍රදේශ මේ සමඟ ඉදිරිපත් කර ඇති ඇමුණුමේ සඳහන් වේ.

ලියාපදිංචි සහතික ලබා ගැනීම සඳහා පැමිණිය යුතු දිනය හා වේලාව ඔබ වෙත දන්වනු ලබන අතර ලියාපදිංචි සහතික ලබා ගැනීමේදී අදාල ලේඛන වල මුල් පිටපත් ඉදිරිපත් කල යුතුය.

Last Updated on Monday, 23 November 2020 05:21