මුල් පිටුව අපගේ සේවාවන්
ලියාපදිංචි කළ වෘත්තීය සමිති යාවත්කාලීන කිරීම

සුදුසුකම්

  • ලියාපදිංචි සෑම වෘත්තීය සමිතියක්මවාර්ෂිකව‘N’ වාර්තාව මගින් ආදායම් වියදම් විස්තරය සමග එම වසරේ ජූනි 30ට පෙර වෘත්තීය සමිති අංශය වෙත ඉදිරිපත් කළ යුතුයි.
  • වෘත්තීය සමිති අංශය විසින් අනුමත කරන ලද වරලත් හෝ රජයේ ගණකාධිකාරීවරයකු ලවා එම වාර්තා සහතික කර  ගැනීම කළයුතුයි.   ගිණුම් වර්ෂය ලෙස අප්‍රේල් 01සිට ඉදිරි වර්ෂයේ මාර්තු 31ලෙස සැලකේ.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

7 වන මහල, වෘත්තීය සමිති අංශය, කම්කරු මහලේකම් කාර්යාලය.

එමෙන්ම මෙතැනින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

ගාස්තු අය නොකෙරේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

වාර්ෂික ගිණුම් වාර්තා අදාල වර්ෂයේ ජූනි 30 ට පෙර ඉදිරිපත් කළ යුතුයි.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

අදාල නොවේ.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

ඉල්ලුම් කරන  තොරතුරුවල නිරවද්‍යතාව මත අනුමත කිරීම් සිදු කරනු ලබයි.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • සම්පූර්ණ කරන ලද ‘N’  වාර්තාව (සාමදාන විනිශ්චයකාරවරයෙකු, ගිණුම් පරික්ෂක තැන විසින් සහතික කර තිබිය යුතුය)
  • ගණකාධිකාරීවරයෙකු විසින් සහතික කරන ලද විගණන වාර්තාව.  

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

සහකාර කම්කරු කොමසාරිස්

වෘත්තීය සමිති 

0112369646

0112369646

dolteuc@slt.lk

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

නැත.                           

ඉල්ලූම්පත් ආකෘතිය 

මෙතැනින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

අවසන් යාවත්කාලීන කිරීම 2018 මාර්තු 12 වෙනි සදුදා, 08:01