මුල් පිටුව අපගේ සේවාවන්
සේවකයකු විසින් තමාගේ සේවය අවසන් කිරීම පිලිබඳව වූ පැමිණිල්ලක් සඳහා පරික්ෂණ පැවැත්වීම හා සේවායෝජකයකු විසින් සේවකයෙකුගේ සේවය අවසන් කිරීම සඳහා අවසර ලබා ගැනීම පිණිස ඉදිරිපත් කරන අයදුම්පත පිළිබඳව පරික්ෂණ පැවැත්වීම

සුදුසුකම්

1971අංක 45 දරන කම්කරුවන්ගෙ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (පසුව සංශෝධිත) පනත යටතේ අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් වන්නේ,

  • පහත පනත් වලින් ආවරණය වන රැකියාවක නියුත් සේවකයකු වීම
  • සාප්පු හා කාර්යාල සේවක පනත
  • පඩිපාලක සභා ආඥා පනත (මෙම පනතේ 6:2වගන්තිය යටතේ ගැසට්  පත්‍රයේ පල කරන ලද ඕනෑම කර්මාන්තයක රැකියාවක්)
  • කර්මාන්තශාලා ආඥා පනත,
  • සේවය අවසන් කළ දිනය වන විට අඩුම වශයෙන් සේවයේ  පළමු වර්ෂයේ දින 180ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවකයෙකු වීම.
  • සේවය අවසන් කළ දින හෝ එදිනට පෙර මාස 06ක කාලය තුළ කවර අවස්ථාවක හෝ සේවායෝජක ආයතනයේ සේවකයන් අවම වශයෙන් 15ක් සිටීම.
  • සේවායෝජක විසින් සේවකයාගේ සේවය අවසන් කිරීමක් කර තිබිය යුතු වේ.  අනුමිත සේවය අවසන් කිරීමක් හෝ ඉදිරියේදී සේවය අවසන් කිරීමේ අවදානමක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ හැකියාවක් නොමැත.

නමුත්මෙම පනත යටතේ පහත දැක්වෙන සේවකයන්ට සහනයක් ඉල්ලා සිටිය නොහැක.

  • සේවයෙන් ඉල්ලා අස්වූ සේවකයන්
  • නිශ්චිත කාල සේවා ගිවිසුමක් යටතේ සේවය කර එම ගිවිසුම් කාලය අවසානයේ සේවය අවසන් වූ සේවකයන්
  • සේවා ගිවිසුමේ විශ්‍රාම ගැන්වීමේ වයස පැහැදිලිව දක්වා ඒ  අනුව විශ්‍රාම  ගන්වන ලද සේවකයන්
  • විනයාරක්ෂක ක්‍රියාවක් ලෙස දඞුවමක් දීමේ හේතුවකට  සේවයෙන් ඉවත් කළ සේවකයන්
  • රාජ්‍ය සංස්ථා,  ව්‍යවස්ථාපිත මන්ඩල,  ව්‍යවස්ථාපිත අධිකාරින්,   රජයට පවරාගත් ආයතන,  පළාත් සභා,  පළාත් පාලන ආයතන හා සමුපකාර සමිතිවල සේවයේ නියුක්ත සේවකයන්

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

විශේෂිත වූ ඉල්ලුම්පත්‍රයක් නොමැති අතර පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේදී එම අයදුම්පත්‍රයට  පහත කරුණු ඇතුලත් විය යුතුය.

  • සේවකයාගේ සම්පූර්ණ නම
  • ස්ථීර ලිපිනය
  • පත්වීමේ දිනය
  • තනතුර
  • සේවකයාගේ උපන් දිනය
  • සේවක අර්ථසාධක අරමුදල් අංකය
  • ජාතික හැඳුනුම්පත් අංකය
  • සේවය අවසන් කරන විට ලැබූ වැටුප

(මූලික වැටුපට අමතරව වෙනත දීමනා ලැබුයේ නම් මූලික වැටුප සහ අනෙකුත් දීමනා වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්න)

  • සේවායෝජක ආයතනයේ නිවැරදි නම්
  • සේවායෝජක ආයතනයේ ලිපිනය

(හැකි නම් සමාගමක් ලියාපදිංචි කිරීමේ ආකෘතිපත්‍ර අංක 01හි හෝ සමාගම් 20හි ආකෘති පත්‍රයෙහි සහතික කළ පිටපතක් හෝ ඡායා පිටපතක් දිරිපත් කරන්න)

  • ආයතනයේ විශ්‍රාම ගැන්වීමේ වයස
  • ආයතනයේ සම්පූර්ණ සේවක සංඛ්‍යාව
  • ආයතනයේ නිෂ්පාදන ස්වභාවය
  • සම්බන්ධ කර ගත හැකි දුරකතන අංක

ඉහත සඳහන් කරුණු වලට අමතරව සේවකයකු විසින් අයදුම්පත්‍රයක ඉදිරිපත් කිරීමේ දී තමාගේ සේවය අවසන් කළ දිනය/සේවය අවසන් කිරීමට හේතුව/ ආයතනයේ අධ්‍යක්ෂ අයිතිකරු, කොටස්කරු  ආදීන්ගේ නම් හා ලිපිනයන් ඇතුළත් විය යුතුය.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

අදාළ නොවේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

අදාළ නොවේ.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

අදාළ නොවේ.

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

අදාළ නොවේ.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • සේවය අවසන් කිරීම සනාථ කරන ලේඛන
  • වන්දි ගණනය සඳහා නම්, අවසන් මස වැටුප් ලේඛනය

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

නියෝජ්‍ය කම්කරු කොමසාරිස්

සේවය අවසන් කිරීමේ අංශය

0112368048

0112368048

 

සහකාර කම්කරු කොමසාරිස්

- එම -

0112552887

 

 

සහකාර කම්කරු කොමසාරිස්

- එම -

01123699445

 

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

අදාළ නොවේ.

ඉල්ලූම්පත් ආකෘතිය

අදාළ නොවේ.  

අවසන් යාවත්කාලීන කිරීම 2018 මාර්තු 12 වෙනි සදුදා, 08:11