මුල් පිටුව අපගේ සේවාවන්
පාරිතෝෂික ගෙවීම් සම්බන්ධ උපදෙස් ලබාදීම හා පාරිතෝෂික පැමිණිලි සම්බන්ධව කටයුතු කිරීම

සුදුසුකම්

  • ගෘහසේවකයන්,  පෞද්ගලික රියදුරන්,  දායක නොවන විශ්‍රාම වැටපකට හිමිකම් ඇති සේවකයන්, රජයේ සේවකයන්, පලාත් පාලන ආයතනවල සේවකයන්,  සමුපකාර කොමිෂන්  සභා සේවකයන් හැර 1983  අංක 12 දරන පාරිතෝෂික ගෙවීම් පනතේ සුදුසුකම් සපුරන සේවකයන්ට අදාළ වේ.
  • පාරිතෝෂික හිමිකම් සඳහා,
  • සේවකයෙකුගේ  සේවය අවසන් වන හෝ අවසන් කරන දිනට පෙර මාස 12ක කාලය තුල අදාළ ආයතනය තුළ සේවකයන් 15දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවය කිරීම.
  • අවුරුදු 05ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

ඉල්ලුම්පත්‍රයක් නොමැත.සේවායෝජකයකු විසින් පාරිතෝෂික මුදල් ගෙවීම් පැහැර හරිනු ලැබුවහොත් සේවය කල ආයතනය අයත්වන  ප්‍රදේශයේ පිහිටි කම්කරු කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතුය. 

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

අදාළ නොවේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සේවකයකුගේ සේවය අවසන් කරන/අවසන් කල දින සිට මාසයක කාලයක් තුල සේවායෝජක  විසින් පාරිතෝෂිකය ගෙවීම් කලයුතු අතර එම කාලසීමාව තුල නොගෙවූ විට පැමිණිලි කල යුතුය.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

අදාළ නොවේ.

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

අදාළ නොවේ.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • අවසන් මස වැටුප් ලේඛනය
  • සේවක ප්‍රකාශය / දිවුරුම්  ප්‍රකාශය
  • පැමිණීමේ ලේඛන ආදියද ඇතැම්විට අවශ්‍ය විය හැක.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

කම්කරු කොමසාරිස්

කාර්මික සම්බන්ධතා

0112582608

0112582608

 

සහකාර කම්කරු කොමසාරිස්

කාර්මික සම්බන්ධතා

0112368502

 

 

සහකාර කම්කරු කොමසාරිස්

කාර්මික සම්බන්ධතා

0112369114

 

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

අදාළ නොවේ.

අවසන් යාවත්කාලීන කිරීම 2018 මාර්තු 12 වෙනි සදුදා, 08:10