මුල් පිටුව අපගේ සේවාවන්
කාර්මික ආරාවුල් පිලිබඳ කටයුතු කිරීම

සුදුසුකම්

පෞද්ගලික අංශයේ හා අර්ධ රාජ්‍ය අංශයන්හි,  සේවායෝජකයකු හා සේවකයකු අතර හෝ සේවායෝජකයන් හා සේවකයන් අතර හෝ සේවකයන් හා සේවකයන්  අතර සේවයේ යෙදවීම සම්බන්ධයෙන් හෝ සේවයේ නොයෙදවීම සම්බන්ධයෙන් හෝ, සේවා නියමයන් හා සේවා තත්වයන් සම්බන්ධයෙන්, සේවය අවසන් කිරීම හෝ නැවත සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ඇතිවන ආරාවුලක් පිලිබඳව ආයතනය අයත්වන දිස්ත්‍රික් කම්කරු කාර්යාලය/උප කම්කරු  කාර්යාලය හෝ  ප්‍රධාන කාර්යාලයේ කාර්මික සම්බන්ධතා අංශයට  හෝ ලිඛිතව ලබා දීම. 

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

විශේෂිත ඉල්ලුම් පත්‍රයක් නොමැත. කාර්මික ආරාවුලක් ඇති වූ විට  තමාගේ විස්තරත් සේවායෝජක විස්තරත් ඇතුලත් පැමිණිල්ල  පිටපත් දෙකකින් යුක්තව  අදාල ආයතනය පිහිටි   දිස්ත්‍රික් කම්කරු කාර්යාලය වෙත ඉදිරිපත් කල යුතුය.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

නැත.  

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

පදිංචි ප්‍රදේශය අයත් දිස්ත්‍රික් කම්කරු කාර්යාලය වෙත සතියේ වැඩකරන දිනකදී කාර්යාල වේලාව ඇතුළත පැමිණ භාරදිය යුතු වේ.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අයකිරීමක් සිදු නොකරයි.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

ආරාවුලේ ස්වභාවය,  පාර්ශවයන් එකඟ වන/එකඟ නොවන කරුණු  මත රඳා පවතී.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

එක් එක් ආරාවුල මත රඳා පවතින අතර අදාළ ආරාවුල පිලිබඳව සනාථ කළ හැකි ලේඛනයක්.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

කම්කරු කොමසාරිස්

කාර්මික සම්බන්ධතා

0112582608

0112582608

 

සහකාර කම්කරු කොමසාරිස්

කාර්මික සම්බන්ධතා

0112368502

 

 

සහකාර කම්කරු කොමසාරිස්

කාර්මික සම්බන්ධතා

0112369114

 

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

නැත.               

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)

අදාළ නොවේ.

අවසන් යාවත්කාලීන කිරීම 2018 මාර්තු 12 වෙනි සදුදා, 08:13