මුල් පිටුව අපගේ සේවාවන්
සේවක අර්ථසාධක අරමුදලින් 30% පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීම

සුදුසුකම්

නිවාස කාර්යයක් හෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සේවක අර්ථසාධක අරමුදලින් 30% පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීම.

  • දැනට සේවයේ නියුක්ත වීම.
  • වසර 10කට නොඅඩු කාලයක් සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් ගෙවා තිබීම.
  • සාමාජික ගිණුමේ බැරට රුපියල් ලක්ෂ 03කට නොඅඩු මුදලක් තිබීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

ප්‍රධාන කාර්යාලයේ 05වන මහලේ 30%ගෙවීම් අංශයෙන් හෝ ඕනෑම කලාප කම්කරු කාර්යාල වෙතින් මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ අයදුම්පත සම්පූර්ණ කර ලබා දීමෙන් අදාල අයදුම්පත ලබා ගත හැක.

එමෙන්ම මෙතැනින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

ගාස්තු අයකිරීමක් සිදු නොකරයි.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සම්පූර්ණ කරන ලද අයදුම්පත සාමාජිකයා පදිංචි ප්‍රදේශය අයත් කලාප කම්කරු කාර්යාලය වෙත සතියේ වැඩකරන දිනකදී කාර්යාල වේලාව ඇතුළත සාමාජිකයාම පැමිණ භාරදිය යුතු වේ.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අයකිරීමක් සිදු නොකරයි.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

ලැබෙන අයදුම්පත් ප්‍රමාණය අනුව (සියලු ලේඛණ සම්පූර්ණ කර ඇත්නම් සති 03ක් ඇතුළත)

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

අවසන් සේවායෝජක විසින් සහතික කරන ලද අයදුම්පත හා ඉල්ලුම් කරනු ලබන හේතූවට අදාලව උපදෙස් පත්‍රිකාව මඟින් ඉල්ලා ඇති අනෙකුත් ලේඛණ (අදාල අනෙකුත් ලේඛණ සම්බන්ධයෙන් අයදුම්පත ලබා දෙන අවස්ථාවේදී සටහන් කර දෙනු ඇත)

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

සහකාර කම්කරු කොමසාරිස්

30% ගෙවීම් අංශය

011-2368350

011-2368251

011-2368252

011-2368349

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ලියවිලි වල යම් අඩුපාඩුවක් වේ නම් අයදුම්පත භාර දෙනු ලබන කම්කරු කාර්යාලයේ නියෝජ්‍ය කම්කරු කොමසාරිස් හෝ සහකාර කම්කරු කොමසාරිස් හමුවී අදාල ගැටලු සාකච්ඡා කළ හැක.

ඉල්ලූම්පත් ආකෘතිය

මෙතැනින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

අවසන් යාවත්කාලීන කිරීම 2018 මාර්තු 06 වෙනි අඟහරුවාදා, 07:27