මුල් පිටුව අපගේ සේවාවන්
විවාහ වීමේ හේතුව මත කාන්තාවන්ට සේවක අර්ථසාධක අරමුදලින් ප්‍රතිලාභ ගෙවීම

සුදුසුකම්

  • සේවයෙන්ඉවත් වූ දින සිට මාස 03 ඇතුළත විවාහය ලියාපදිංචි කර තිබිය යුතුයි.නැතහොත්,
  • විවාහවූ දින සිට වසර 05 ඇතුළත සේවයෙන් ඉවත් වී තිබිය යුතුය.

සැලකිය යුතුය :- ප්‍රතිලාභ ලබා ගන්නා අවස්ථාව වන විට සේවයෙන් ඉවත් වී තිබීම අනිවාර්යය වේ.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

ප්‍රධාන කාර්යාලයේ බිම් මහලේ ඇති කවුන්ටරයෙන් හෝ සියලු දිස්ත්‍රික් කම්කරු කාර්යාල හා උප කම්කරු කාර්යාල මඟින් ලබා ගත හැක.

එමෙන්ම මෙතැනින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

ගාස්තු අයකිරීමක් සිදු නොකරයි.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සම්පූර්ණ කරන ලද  අයදුම්පත සාමාජිකයා පදිංචි දිස්ත්‍රික්කයේ ලඟම පිහිටි දිස්ත්‍රික් හෝ උප කම්කරු කාර්යාලය වෙත සතියේ වැඩකරන දිනකදී කාර්යාල වේලාව ඇතුළත සාමාජිකයාම පැමිණ භාරදිය යුතු වේ.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අයකිරීමක් සිදු නොකරයි.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

සියලු ලේඛණ සම්පූර්ණ කර ඇත්නම් සති 03ක් ඇතුළත

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • අවසන් සේවායෝජක විසින් සහතික කරන ලද අයදුම්පත, සාමාජික අංක වලට අදාල B කාඩ්පත්, ජාතික හැඳුනුම්පත සහ සේවා යෝජක විසින් සහතික කරන ලද ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්, බැංකුගිණුමේ පිටපතක් සහ;
  • විවාහ සහතිකය/ විවාහ ලේකම් පොතේ මුල් පිටපත හෝ අතිරේක විවාහ  රෙජිස්ට්‍රාර් සහතික කරන ලද විවාහ සහතිකයක මුල් පිටපත
  • විදේශ රටක විවාහ සහතිකයක් නම් එම  රටේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයෙන් සහතික කළ යුතුය.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

නියෝජ්‍ය කම්කරු කොමසාරිස්

සේ.අ.අ. ගෙවීම් අංශය

011-2369214

011-2368904

011-2368911

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ලියවිලි වල යම් අඩුපාඩුවක් වේ නම් අයදුම්පත භාර දෙනු ලබන කම්කරු කාර්යාලයේ නියෝජ්‍ය කම්කරු කොමසාරිස් හෝ සහකාර කම්කරු කොමසාරිස් හමුවී අදාල ගැටලු සාකච්ඡා කළ හැක.

ඉල්ලූම්පත් ආකෘතිය

මෙතැනින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

අවසන් යාවත්කාලීන කිරීම 2018 මාර්තු 06 වෙනි අඟහරුවාදා, 06:40