මුල් පිටුව අපගේ සේවාවන්
රජයේ ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීමක් ලැබීම මත සේවක අර්ථසාධක අරමුදලින් ප්‍රතිලාභ ගෙවීම

සුදුසුකම්

ස්ථිර විශ්‍රාම වැටුප් සහිත තනතුරක් බව සනාථ විය යුතුය.

සැලකිය යුතුය :- ප්‍රතිලාභ ලබා ගන්නා අවස්ථාව වන විට සේවයෙන් ඉවත් වී තිබීම අනිවාර්යය වේ.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

ප්‍රධාන කාර්යාලයේ බිම් මහලේ ඇති කවුන්ටරයෙන් හෝ සියලු දිස්ත්‍රික් කම්කරු කාර්යාල හා උප කම්කරු කාර්යාල මඟින් ලබා ගත හැක.

එමෙන්ම මෙතැනින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

ගාස්තු අයකිරීමක් සිදු නොකරයි.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සම්පූර්ණ කරන ලද  අයදුම්පත සාමාජිකයා පදිංචි දිස්ත්‍රික්කයේ ලඟම පිහිටි දිස්ත්‍රික් හෝ උප කම්කරු කාර්යාලය වෙත සතියේ වැඩකරන දිනකදී කාර්යාල වේලාව ඇතුළත සාමාජිකයාම පැමිණ භාරදිය යුතු වේ.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අයකිරීමක් සිදු නොකරයි.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

සියලු ලේඛණ සම්පූර්ණ කර ඇත්නම් සති 03ක් ඇතුළත

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • අවසන් සේවායෝජක විසින් සහතික කරන ලද අයදුම්පත, සාමාජික අංක වලට අදාල B කාඩ්පත්, ජාතික හැඳුනුම්පත සහ සේවා යෝජක විසින් සහතික කරන ලද ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්, බැංකුගිණුමේ පිටපතක් සහ;
  • ස්ථිර විශ්‍රාම වැටුප් සහිත තනතුරක් බව සනාථ කරන විධිමත් පත්වීම් ලිපි‍යේ මුල් පිටපත
  • දැනට සේවය කරන ආයතනයේ ආයතන ප්‍රධානියා මගින් ආසන්න මාස 3ක් ඇතුලතදී ලබා ගත් සේවා සහතිකයක්,වැටුප් වාර්තාවක් හා සේවා හැදුනුම්පත                               
  • ත්‍රිවිධ හමුදා වලට බැඳුනු අයට විධිමත් සේවා සහතිකයක් (ස්ථිර විශ්‍රාම වැටුප් සහිත තනතුරක් දරණ බව) සමග වැටුප් වාර්තාව හා සේවා හැදුනුම්පත
  • පළාත් පාලන ආයතනවල සාමාජිකයන් 23/E යටතේ ප්‍රතිලාභ නිදහස් කිරීමේදී  60%, 40%වෙන් කිරීමේ  ලිපිය (කාලය හා යොමුව 60% , 40%  වෙන් වෙන් වශයෙන් ද එසේ නොමැතිනම් 100%අයදුම්කරුට ‍ ගෙවීමේ නිර්දේශ ලිපිය)

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

නියෝජ්‍ය කම්කරු කොමසාරිස්

සේ.අ.අ. ගෙවීම් අංශය

011-2369214

011-2368904

011-2368911

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ලියවිලි වල යම් අඩුපාඩුවක් වේ නම් අයදුම්පත භාර දෙනු ලබන කම්කරු කාර්යාලයේ නියෝජ්‍ය කම්කරු කොමසාරිස් හෝ සහකාර කම්කරු කොමසාරිස් හමුවී අදාල ගැටලු සාකච්ඡා කළ හැක.

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)

මෙතැනින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

අවසන් යාවත්කාලීන කිරීම 2018 මාර්තු 06 වෙනි අඟහරුවාදා, 09:19