මුල් පිටුව අපගේ සේවාවන්
සේවක අර්ථසාධක අරමුදලෙන් නිවාස ණය අයදුම් කිරීම.

සුදුසුකම්

සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් තැන්පත් කරන සාමාජිකයන්ගේ දැනට පවත්නා ශේෂයෙන් 75% ක් ද, අරමුදලට දායක මුදල් බැර නොකරන සාමාජිකයින් හට ශේෂයෙන් 50% ක් ද වශයෙන් නිවාස කටයුතු  සඳහා ලබා ගත හැකියි.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

ප්‍රධාන කාර්යාලයේ බිම්මහලේ ඇති කවුලුවෙන් හෝ ඕනෑම දිස්ත්‍රික් කම්කරු කාර්යාලයක් වෙතින් ලබා ගත හැක.

එමෙන්ම මෙතැනින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

75% නිවාස ණය අයදුම්පතක මිල රු. 40/= කි.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සම්පූර්ණ කරන ලද අයදුම්පත පදිංචි ප්‍රදේශය අයත් දිස්ත්‍රික් කම්කරු කාර්යාලය වෙත සතියේ වැඩකරන දිනකදී කාර්යාල වේලාව ඇතුළත පැමිණ භාරදිය යුතු වේ.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අයකිරීමක් සිදු නොකරයි.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

සියලු ලේඛණ සම්පූර්ණ කර ඇත්නම් සති 06ක් ඇතුළත.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

සම්පූර්ණ කරන ලද අදාල අයදුම්පත්‍රය හා ඉල්ලුම් කරනු ලබන හේතූවට අදාලව උපදෙස් පත්‍රිකාව මඟින් ඉල්ලා ඇති අනෙකුත් ලේඛණ (අදාල අනෙකුත් ලේඛණ සම්බන්ධයෙන්  දිස්ත්‍රික් කම්කරු කාර්යාලය මඟින් තොරතුර ලබා ගත හැක)

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

ලඟම පිහිටි දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ සහකාර කම්කරු කොමසාරිස් අමතන්න

ඇමතුම් තොරතුරු

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ලියවිලි වල යම් අඩුපාඩුවක් වේ නම් අයදුම්පත භාර දෙනු ලබන කම්කරු කාර්යාලයේ නියෝජ්‍ය කම්කරු කොමසාරිස් හෝ සහකාර කම්කරු කොමසාරිස් හමුවී අදාල ගැටලු සාකච්ඡා කළ හැක.

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)

මෙතැනින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

 

අවසන් යාවත්කාලීන කිරීම 2021 අගෝස්තු 02 වෙනි සදුදා, 09:17