මුල් පිටුව අංශ සේවය අවසන් කිරීමේ අංශය
සේවය අවසන් කිරීමේ අංශය

අංශය පිළිබඳ කෙටි හැඳින්වීම

අංශයේ කාර්යභාරය

මෙම අංශයේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ සේවා යෝජකයන් විසින් අත්තනෝමතිකව නිත්‍යානුකූල නොවන පරිදි සේවකයින් අඩු කිරීම, තාවකාලිකව ඉවත් කිරීම හා පහකිරීම වැළැක්වීම හා එවැනි අවස්ථාවන්හිදී සේව්‍ය - සේවක දෙපාර්ශවයටම බලපාන දුෂ්කරතා ගැන මැදහත්ව සොයා බලා නීත්‍යානුකූලව සහන සැලසීමයි.

එම අරමුණ ඉටු කරනු සඳහා
සේවය අවසන් කිරීමේ අංශය මගින් 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්‍ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන පනත හා සංශෝධන ක‍්‍රියාත්මක කිරීම කරනු ලැබේ.
එම සංශෝධන
1976 අංක 04
1988 අංක 51
2003 අංක 12
2008 අංක 20

මෙම පනතේ විධිවිධාන

සේවකයින් 15 ක් හෝ ඊට වැඩි ගණනක් ඇති උපලේඛනගත රැුකියාවල නියුක්ත සේවකයින් සඳහා මෙම නීතිය බලපායි. එහිදී හාම්පුතෙකු විසින් කම්කරුවෙකුගේ උපලේඛනගත රක්‍ෂාව

 (අ)  කම්කරුවාගේ ලිඛිත කැමැත්ත කලින් ලබා නොගෙන  
හෝ
(ආ) කම්කරු කොමසාරිස්වරයාගේ පුර්ව ලිඛිත අනුමැතිය ලබා නොගෙන හෝ අවසන් නොකළ යුතුය .
( 1771 - 45 වගන්තිය 2)

උපලේඛනගත රැකියාවක් ලෙස

             පඩිපාලක සභා අඥාපනතේ 6.2. උප වගන්නිය   යටතේ ගැසට් පත‍්‍රයෙහි පලකරන ලද්දාවූ  ඕනෑම කර්මාන්තයක රැුකියාවක්ද,

             සාප්පු හා කාර්යාල සේවක ( රැුකියා හා වේතන විධිමත් කිරීමේ රෙගුලාසි * පනතේ අර්ථයට අනුව යෙදෙන රැුකියාවක්ද, ( 68  වගන්තිය *

             කර්මාන්තශාලා අඥාපනතේ අර්ථයට අනුව යෙදෙන සෑම කර්මාන්තශාලාවකම (126 වගන්තිය* රැුකියාවක්ද අදහස් කෙරේ.
සේවය අවසන් කිරීමක් යනු
(1971 අංක 45, වගන්තිය 2 . 4*

             සේව්‍යයා විසින් තාවකාලිකව හෝ ස්ථිරව හෝ කම්කරුවෙකු සේවයේ නොයෙදවීම.
             සේව්‍යා විසින් කිසියම් වෙළඳාමක් කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් වසා දැමීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් සේවය අහිමිවීම.
             විනයානුකූල හේතුවක් නිසා රක්‍ෂාව අවසන් කිරීම.  ( 1988 අංක 51 - වගන්තිය 2.5 *
මෙහිදි සේව්‍යා විසින් රක්‍ෂාව අවසන් කිරීමේ දිනයට පසුව එළඹෙන දෙවන වැඩකරන             දිනය අවසන් වීමට පෙර රැුකියාව අවසන් කිරීමට හේතු එම සේවකයාට දැන්විය      යුතුය.

සේවය අවසන් කිරීමේ පනත අදාළ නොවන අවස්ථා

             සේවක සංඛ්‍යාව 15 කට අඩු වීම.
             වසරක් තුල සේවා කාලය දින 180 ට අඩුවීම . ( 1988 අංක 51 *
             විශ‍්‍රාම යන අවස්ථාවට  බලපවත්නා සාමූහික ගිවිසුමකින් හෝ විශ‍්‍රාම යන වයස ප‍්‍රකාශිත රැුකියා කොන්ත‍්‍රාත්තුවක අඩංගු විධිවිධාන වලට අනුකූල වීම .
             රජයේ හෝ පළාත් පාලන සේවයේ සේවකයෙකු වීම .
             සමූපකාර සමීතියක සේවකයෙකු වීම .
             යම් රාජ්‍ය සංස්ථාවක හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක සේවකයෙකු වීම .
             උපලේඛනගත සේවකයෙකු නොවීම .
             විනයානුකූල ක‍්‍රියාමා්රගයක ප‍්‍රතිඵලයක් වශයෙන් සේවය අහිමි වීම .
             සේවයෙන් ඉල්ලා අස්ව ඇති සේවකයන්.

x              මහජනතාවට සපයන සේවා

             කිසියම් සේව්‍යයෙකු විසින් මෙම පනතේ විධිවිධාන උල්ලංඝණය කරමින් යම් සේවකයෙකුගේ සේවය අවසන් කළ හොත් එය නීති විරෝධී වේ.  එවන් අවස්ථාවක එම සේවකයා තවදුරටත් සේවයේ යොදවන ලෙස කම්කරු කොමසාරිස්වරයා විසින් නියෝග කළ හැක . එවිට එම සේවකයා පෙර සිටි තත්වයේ පිහිටුවා ඔහුට ලැබිය යුතු වේතන හා ප‍්‍රතිලාභ සියල්ලම ගෙවිය යුතුය .

 

             ආයතනය වසා දැමීම හේතු කොටගෙන සේවය අවසන් කළ විට එම සේවකයාට සේවයේ පිහිටු වීමට විකල්පයක් ලෙස කිසියම් වන්දි මුදලක් නියම කළ හැක .

             ඉහත නියෝගය කඩකර ඇති අවස්ථාවක මහේස්ත‍්‍රාත් අධිකරණයක් මගින් දඩයක් ලෙස අයකර එම මුදල සේවකයාට ගෙවීමට කටයුතු කළ හැක .

x              සහන අයදුම් කිරීම.

මෙම පනත යටතේ පත‍්‍රිකා :ත්‍දරපි* නොමැති අතර, ආයතන විසින් සේවකයන්ගේ සේවය අවසන් කිරීම සඳහා අවසර ඉල්ලීමේදී හා සේවකයන් විසින් තමන්ගේ සේවය අවසන් කළ බවට පැමිණිලි කිරීමේදී පහත සඳහන් විස්තර ඉදිරිපත් කිරීම මගින් පරීක්‍ෂණ කටයුතු පවත්වාගෙන යාම ඉතා පහසු වනු ඇත.

්*ග සේවා යෝජක ආයතන සඳහා උපදෙස්

සිය ආයතනය / එහි කොටසක් වැසීම / ඒකාබද්ධ කිරීම / සේවක ප‍්‍රමාණය අඩුකිරීම හෝ තාවකාලිකව සේවය නවතාලීමකදී යම් සේවායෝජකයෙකුහට එම හේතු පැහැදිලිව සඳහන් කරමින් අයදුම්පතක් ඉදිරිපත් කළ හැකිය. මේ පිළිබඳච නිශ්චිත අයදුුම්පතක් නොමැති වුවද පහත සඳහන් තොරතුරු ඇතුලත් වීම අවශ්‍ය වේ.

               සේවය අවසන් කිරීමට යෝජිත සේවකයන්ගේ සම්පූර්ණ නම සහ ලිපිනය
               වැටුප
               සේවයට බැ`දුණු දිනය
               රැුකියාව
               උපන්දිනය
               ආයතනයේ විශ‍්‍රාම වයස ( තිබේනම්*
               සේවක සංඛ්‍යාව

ඉ*ග සේවක පැමිණිල්ලක් ඉදිරීපත් කිරීම සඳහා උපදෙස්

සිය සේවය සේවායෝජක විසින් අවසන් කළ අවස්ථාවකදී සේවය අවසන් කර මාස 06ක් ඇතුලත අයදුම්පතක් ඉදිරිපත් කළ හැක. එහිදී නිශ්චිත අයදුම්පතක් නොමැති වුවද

               නම සහ ලිපිනය
               පත්වීමේ දිනය
               රැුකියාව
               සේවය අවසන් කළ දිනය
               අවසන් වරට ලැබූ වැටුප ( මූලික වැටුප හා ජීවන වියදම් දීමනාව *
               සේවය අවසන් කිරීමට හේතුව
               සේවා ස්ථානයේ නම හා ලිපිනය
               අයිතිකරුගේ / කොටස්කරුවන්ගේ / අධ්‍යක්‍ෂකවරුන්්ගේ නම් හා ලිපිනයන්
               සේවය කළ ස්ථානයේ සම්පූර්ණ සේවක සංඛ්‍යාව
               උපන් දිනය
               විශ‍්‍රාමික වයස ( තිබේනම් *

                                ඇතුලත් විස්තර ඉදිරිපත් කිරීම පරීක්‍ෂණය පහසු වනු ඇත. 

 

x              සම්බන්ධ විය හැකි දුරකථන අංක ඃ-

නියෝජ්‍ය කම්කරු කොමසාරිස් - 0112552887
සහකාර කම්කරු කොමසාරිස්      - 0112368966
සහකාර කම්කරු කොමසාරිස්      - 0112369445
ශාඛා ප‍්‍රධානි                               - 0112504460

අවසන් යාවත්කාලීන කිරීම 2017 අප්‍රේල් 07 වෙනි සිකුරාදා, 07:42