මුල් පිටුව අංශ පාලන අංශය

පාලන අංශය

හැඳින්වීම         

කම්කරු දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය පරිපාලනය සම්බන්ධ සියලුම කාර්යයන් පාලන අංශය හරහා සිදු කරනු ලබයි. කම්කරු දෙපාර්තමේන්තුවේ ඒ ඒ අංශ, කලාප කම්කරු කාර්යාල, දිස්ත්‍රික්  කම්කරු කාර්යාල, උප කම්කරු කාර්යාල, දිස්ත්‍රික් කර්මාන්තශා පරීක්ෂක ඉංජිනේරු කාර්යාලවල එදිනෙදා ක්‍රියාකාරීත්වය කාර්යක්ෂමව පවත්වාගෙන යාම උදෙසා අවශ්‍ය කාර්යභාරයන් පාලන අංශයේ විෂය පථයට අයත් ය.

ප්‍රධාන කාර්යභාරය

  • කම්කරු දෙපාර්තමේන්තුව සඳහා ඉඩම් අත්පත් කර ගැනීම, ගොඩනැගිලි ඉදි කිරීම හා නඩත්තුව, ඉඩම් හා ගොඩනැගිලි කුලී ගෙවීම
  • ගිවිසුම්ගත සේවාවන් සම්බන්ධ බිල්පත් නිරවුල් කිරීම හා නඩත්තු කටයුතු සිදු කිරීම
  • කම්කරු දෙපාර්තමේන්තුව සතු වාහන අනුයුක්ත කිරීම, නඩත්තුව, හා ප්‍රවාහන පහසුකම් සම්බන්ධ කටයුතු
  • තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව ලැබෙන තොරතුරු ඉල්ලීම් සඳහා ප්‍රතිචාර දැක්වීම
  • අග්‍රහාර රක්ෂණ ඉල්ලුම්පත් හා වන්දි ඉල්ලුම්පත් රක්ෂණ සමාගම වෙත යොමු කිරීම
  • රාජකාරී හා දෙපාර්තමේන්තු හැඳුනුම්පත් නිකුත් කිරීම
  • මාණ්ඩලික නිලධාරීන්ගේ මාසික චාරිකා සටහන්, ගමන් වියදම්, නිවාඩු දින වැටුප් ස‍ඳහා අනුමැතිය ලබා දීම සහ මාසික සීමාව ඉක්මවන අතිකාල ඉල්ලීම් අමාත්‍යංශ ලේකම් වෙත යොමු කර අනුමැතිය ලබා ගැනීම
  • කම්කරු දෙපාර්තමේන්තුවට ලැබෙන තැපෑල ඒ ඒ අංශවලට වෙත යොමු කිරීම හා ඒ ඒ අංශවලින් ලැබෙන ලිපි තැපෑලට යොමු කිරීම
  • කම්කරු දෙපාර්තමේන්තුවට සේවා සපයන බාහිර ආරක්ෂක හා පවිත්‍රතා සේවාවන්හි සාමාන්‍ය පරිපාලනය
  • ජාවත්ත පරිශ්‍රයේ පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවට අයත් මුද්‍රණාලයෙහි සාමාන්‍ය පරිපාලනය
  • කම්කරු දෙපාර්තමේන්තුව විසින් දියත් කරනු ලබන විශේෂ වැඩසටහන් සංවිධානය කිරීම

ඇමතුම් විස්තර

අතිරේක කම්කරු කොමසාරිස් ජනරාල් (පරිපාලන)

011 - 2581970

කම්කරු කොමසාරිස් (පාලන)

011 – 2368253

නියෝජ්‍ය කම්කරු කොමසාරිස් (පාලන)

011 - 2368063

සහකාර කම්කරු කොමසාරිස් (පාලන)

011 - 2582709

 

අවසන් යාවත්කාලීන කිරීම 2023 ජනවාරි 26 වෙනි බ්‍රහස්පතින්දා, 04:13