මුල් පිටුව අංශ නීති ක්‍රියා අංශය
නීති ක්‍රියා අංශය

කම්කරු දේපාර්තමේන්තුව හා සම්බන්ධ නීතිමය කටයුතු මෙහෙයවීම මෙම අංශයේ ප්‍රධාන කාර්යය වේ. මෙම අංශයේ නිලධාරීන් විසින් සේව්‍යයන් කම්කරු නීති උල්ලංඝනය කරනු ලබන සිද්ධින් අධ්‍යනය කරනු ලබයි. ඒ අනුව අවශ්‍ය නිතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරුන්ට හා අනෙකුත් අංශ ප්‍රධානීන්ට අවශ්‍ය තොරතුරු ලබා දේ.

මෙම අංශය, කම්කරු කොමසාරිස් ජනරාල් වෙනුවෙන් නඩු වෙනුවෙන් පෙනී සිටිමත් සිද්ධීන් වලට අදාල පැමිණිලි වෙනුවෙන් චෝදනා පත්‍ර ගොනු කිරිම, දිවිරුම් ප්‍රකාශ පිලියෙල කිරිම ආදිය සිදු කරනු ලබයි.

දිස්ත්‍රික් අධිකරණය, මහාධිකරණය, අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය යන උසාවි වල නඩු පැවරිමේදි නිතිපති වරයාට සහයෝග වීමත් කම්කරු කොමසාරිස් වෙනුවෙන් පෙනි සිටිමත් සිදු කෙරේ.

මීට අමතරව කම්කරු දෙපාර්තමේන්තුව මගින් නීතිමය කටයුතු වලදී නීතිපති දෙපාර්තමේන්තුව සමග සම්බන්ධීකරණ කටයුතු කිරිමට මෙම අංශය මගින් සිදු කෙරේ.

තනතුර දුරකථන අංකය
ජ්‍යෙෂ්ඨ නීති උපදේශක + 94 11 2586980
නියෝජ්‍ය කම්කරු කොමසාරිස්  + 94 11 2501254
සහකාර කම්කරු කොමසාරිස්   + 94 11 2504209

 

අවසන් යාවත්කාලීන කිරීම 2022 අප්‍රේල් 27 වෙනි බදාදා, 06:53