මුල් පිටුව අංශ වෘත්තීය සමිති අංශය
වෘත්තීය සමිති අංශය

හැඳින්වීම
වෘත්තීය සමිති ආඥාපනතෙහි 3 වගන්තිය ප්‍රකාර - ලේකම් නැතහොත් වෘත්තීය සමිති රෙජිස්ට්‍රාර් වරයා සතු වගකීම් හා කාර්යභාරය  ඉටුකිරීම සඳහා ස්ථාපිත අංශය වේ.
අංශයේ කාර්යභාරය
* නව වෘත්තීය සමිති ලියාපදිංචි කිරීමේ කටයුතු

*දැනට ලියාපදිංචි වී පවත්නා වෘත්තීය සමිති සම්බන්ධ යාවත්කාලීන කටයුතු

*වෘත්තීය සමිති විසුරුවා හැරීමේ කටයුතු

* වෘත්තීය සමිති අවලංගු කිරීමේ කටයුතු

*වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ කටයුතු

*වෘත්තීය සමිති සම්බන්ධ තොරතුරු සම්පාදන කටයුතු

මහජනතාවට සපයන සේවා
*   වෘත්තීය සමිති ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය උපදෙස් සැපයීම හා ලියාපදිංචි කිරීමේ කටයුතු
*   වෘත්තීය සමිති ලියාපදිංචි කර පවත්වා ගෙන යාමේදී අවශ්‍ය උපදෙස් සැපයීම හා වෙනස්වීම් හා යාවත්කාලීන වීම් ලියාපදිංචි කිරීමේ කටයුතු
*    වෘත්තීය සමිති ක්‍ෂෙත්‍රය සම්බන්ධ නිලධාරීන් හා සමාජිකත්වයන්, අවශ්‍යතා අනුව දැනුවත් කිරීම් හා මාර්ගෝපදේශන කටයුතු
*    වෘත්තීය සමිති සම්බන්ධව අවශ්‍යතා අනුකූලව තොරතුරු සැපයීමේ කටයුතු

අංශය හා සම්බන්ධ ආකෘතිපත් හා භාවිතය
ආකෘති පත්‍රය    භාවිතය
බී - (කම්කරු ඇ.3)    වෘත්තීය සමිති  ලියාපදිංචිය සඳහා ඉල්ලීම
ජී - (කම්කරු ඇ.35)    වෘත්තිය සමිතියක නම වෙනස්වීම් පිළිබඳ දැනුම් දීම.
එච් - (කම්කරු ඇ.36)    වෘත්තිය සමිති ඒකාබද්ධ වීම සඳහා ඉල්ලීම.
අයි - (කම්කරු ඇ.37)    වෘත්තිය සමිති විසුරුවා හැරීම සඳහා ඉල්ලීම.
ජේ - (කම්කරු ඇ.38)    වෘත්තිය සමිති ලියාපදිංචි කාර්යාලීය ලිපිනය වෙනස් වීම දැනුම් දීම.
කේ - (කම්කරු ඇ.39)    වෘත්තිය සමිති ව්‍යවස්ථා සංශෝධනයන් ලියාපදිංචිය සඳහා ඉල්ලීම.
එල් - (කම්කරු ඇ.40)    වෘත්තිය සමිති නිලධාරීන් වෙනස් වීම දැනුම් දීම.
එන් - (කම්කරු ඇ.41)    වෘත්තිය සමිතිවල වාර්ෂික ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීම.

දුරකථනය ඔස්සේ තොරතුරු සඳහා සම්බන්ධ වීම
සහකාර කම්කරු කොමසාරිස් (වෘත්තීය සමිති)        011 - 2369646
 

අවසන් යාවත්කාලීන කිරීම 2017 අප්‍රේල් 12 වෙනි බදාදා, 06:29