පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ ආයතන ඵලදායීතාවය හා කාර්යක්ෂමතාවය නංවාලීම සඳහා සේව්‍ය - සේවක සම්බන්ධතාවය තහවුරු කිරීමේ වැඩසටහන්

සේවක ආකල්ප ප්‍රවර්ධනය සහ අභිප්‍රේරණය අරමුණු කර ගනිමින් කම්කරු දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සංවර්ධන අංශයේ සමාජ කතිකා හා වැඩපොළ සහයෝගීතා ඒකකය මගින් ආයතන මට්ටමේ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විමට කටයුතු යොදා ඇත.

අරමුණ - ආයතන ඵලදායීතාවය හා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා වඩා යහපත් සේව්‍ය - සේවක සම්බන්ධතාවයන් ඇති කිරීම.

කවුරුන් සඳහාද - ආයතන කළමනාකරුවන්, සේවකයින් වෘත්තීය සමිති හා සේවක සභා නියෝජිතයින්

ආවරණය කෙරෙන විෂය ‍ක්ෂේත්‍ර:

  • සේවක අර්ථසාධක අරමුදල හා එහි ප්‍රතිලාභ ලබා ගැනීම
  • කාර්මික සම්බන්ධතාවය හා කම්කරු නීති
  • සමාජ කතිකාව හා වැඩපොළ සහයෝගීතාවය
  • සේවක ආකල්ප ප්‍රවර්ධනය සහ අභිප්‍රේරණය
  • වෘත්තීය සෞඛ්‍ය හා වැඩබිමේ ආරක්ෂාව
  • සේවක කළමනාකරණය හා නායකත්වය

විමසීම් -

කම්කරු කොමසාරිස්

මානව සම්පත් සංවර්ධන අංශය

සමාජ කතිකා හා වැඩපොළ සහයෝගීතා ඒකකය

කම්කරු දෙපාර්ත‍මේන්තුව


විද්‍යුත් තැපෑල - socialdialogue2012@yahoo.com

Last Updated on Friday, 14 August 2020 11:34