මුල් පිටුව අංශ ගොඩනැගිලි නඩත්තු ඒකකය

ඉදිකිරීම් හා ගොඩනැගිලි නඩත්තු අංශය

හැඳින්වීම

කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ (කම්කරු මහලේකම් කාර්යාලයේ),මෙහෙවර පියෙස ඉදිකිරිම,දිස්ත්‍රික් කම්කරු කාර්යාල සහ උප කම්කරු කාර්යාල වල සියලුම ඉදිකිරීම් කටයුතු හා නඩත්තු කටයුතු සම්බන්ධව සියළු කටයුතු හා අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබන අංශයයි.

 

ප්‍රධාන කාර්යභාරය

කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල හා දිස්ත්‍රික් කාර්යාල හා ප්‍රාදේශිය කාර්යාල වල රජයේ ගොඩනැගිලි නඩත්තු කිරීම පිළිබඳව හා අනෙකුත් ඉදිකිරිම් කටයුතු සම්බන්ධව ක්‍රියාකිරිම හා නඩත්තු අංශයේ ප්‍රධාන කාර්යය වේ. 

එසේම මාණ්ඩලික නිලධාරින් හා කාර්යාල සේවකයන් හට තම රාජකාරි කටයුතු කාර්යක්ෂමව ඉටුකිරිමටත් ඒ තුලින් මහජනතාව හට කාර්යක්ෂම සේවයක් ලබා ගැනීමට හැකි පරිදි මනා පහසුකම් වලින් යුතු කාර්යාල පරිසරයක්  ගොඩනගා දීම අප අංශය සතු වගකීමකි.   

ඒ යටතේ සිවිල් ඉංජිනේරු හා විදුලි ඉංජිනේරු උපදෙස් මග පෙන්වීම යටතේ දෙපාර්තමේන්තුව තුලත් අනුබද්ධ සියලු කාර්යාල වල එදිනෙදා සිදු කෙරෙන ඉදිකිරිම් හා නඩත්තු කටයුතු විදුලි කාර්මික ,ජලනල කාර්මික හා වඩු කාර්මික ශිල්පීන් විසින් ඉටු කරන අතර එම කාර්යයන් හැකි උපරිමයෙන් ඉතා කඩිනමින්  ඉටු කිරිමට කටයුතු කරනු ලබයි.

එමෙන්ම සියලු කාර්යාල වල ඉදිකිරිම් සඳහා අවශ්‍ය ඉංජිනේරු තාක්ෂණ සහය හා උපදේශන සහයද අංශයේ ඉංජිනේරුවන් විසින් සෑම විටම ලබා දීමට කටයුතු කරනු ලබයි.රත්නපුර,බදුල්ල,හැටන්,නාඋල,වව්නියාව යන දිස්ත්‍රික් කම්කරු කාර්යාල වල ඉදිකිරිම් කටයුතු ආරම්භ කිරිමට නියමිතව පවති.  

       

ඇමතුම් විස්තර

 

තනතුර

දුරකථන අංකය

විද්‍යුත් තැපෑල

01

ඉංජිනේරු (ගොඩනැගිලි නඩත්තු)

+ 94 112368211

constructionlabour@yahoo.com

02

ඉංජිනේරු (සිවිල්)

+ 94 112500764

constructionlabour@yahoo.com

03

ඉංජිනේරු (විදුලි)

+ 94 112581141

constructionlabour@yahoo.com

04

ගොඩනැගිලි

නඩත්තු  අංශය(කාර්යාලය)

+ 94 112500764

doltechnical@gmail.com