මුල් පිටුව අපගේ සේවාවන්
කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ සේවාවන්

1. ළමා හා කාන්තාවන් සේවයේ යෙදවීමට අදාළ ශ්‍රම ප්‍රමිතීන් සකස් කිරීම හා විමර්ශනයට ලක්කිරීම මෙම අංශය මගින් සිදුවේ.
2. කම්කරු නීති යටතේ ළමයින් හා කාන්තාවන් පිළිබඳව වන පැමිණිලි/පෙත්සම් විමර්ශනයට ලක් කෙරේ.

ළමා හා කාන්තාවන්ට අදාලව කෙරෙන පැමිණිලි සම්බන්ධව කටයුතු කිරීම.

පහත සඳහන් කරුණු පැමිණිල්ලට/පෙත්සමට ඇතුලත් විය යුතු ය.

* විමර්ශනයක් සඳහා අවශ්‍ය මූලික කරුණු
* ආයතනයේ නම හා ලිපිනය
* පැමිණිල්ලට අදාළ කරුණු කෙටියෙන්

ඉදිරිපත් කිරීමේ විධි

පියවර 1 : ඔබේ පැමිණිල්ල පළමුව ඔබේ සේවා ආයතනය පිහිටි ප්‍රදේශයේ කම්කරු කාර්යාලය වෙත ඉදිරිපත් කරන්න. එයින් සාධාරණ විසඳුමක් නොලැබිණි නම් එම ලිපිය කම්කරු කොමසාරිස් ළමා හා කාන්තා අංශය වෙත යොමු කරන්න. දුරකථන මගින් හෝ පැමිණ හෝ පැමිණිලි ඉදිරිපත් කිරීමට පිළිවන.

අයදුම්පත්

මේ සඳහා ආදර්ශ අයදුම්පතක් සකස් කර නොමැත.

ක්‍රියාවලිය පියවරෙන් පියවර

පියවර 1 : දිස්ත්‍රික් කම්කරු කාර්යාලයට පැමිණිලි කිරීම.
පියවර 2 : දිස්ත්‍රික් කම්කරු කාර්යාලය මගින් විමර්ශනය කිරීම.
පියවර 3 : දෙපාර්ශවය කැඳවීම
පියවර 4 : නීතිමය තත්ත්වය පැහැදිළි කරදීම,නීතිය අනුව කටයුතු නොකරන්නේ නම් නඩු පැවරීම.

පියවර 1 : කාන්තා හා ළමා කටයුතු අංශය, කම්කරු මහ ලේකම් කාර්යාලය, නාරාහේන්පිට. යන ලිපිනයට අදාල පැමිණිලි ඉදිරිපත් කිරිම.
පියවර 2 : කාන්තා හා ළමා කටයුතු අංශය මගින් පරීක්ෂණය කිරීම.
පියවර 3 : අදාල පාර්ශවකරුවන් දෙපාර්ශවයම විභාගයට කැඳවීම
පියවර 4 : විභාග කිරීම
පියවර 5 : නීතිමය තත්ත්වය පැහැදිළි කර දීම.
පියවර 6 : ඒ අනුව දෙන උපදෙස් පිළිගෙන කටයුතු නොකරන්නේ නම් නඩු පැවරීම.

සේවාව සඳහා ගතවන කාලය

ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කාලය

මේ සඳහා නියමිත කාල සීමාවක් නොමැත.පැමිණිල්ලේ ස්වභාවය හා විමර්ශනය සඳහා සහභාගිවීමේ තත්ත්වයන් මත කාලය තීරණය වේ.

පැමිණිලි ඉදිරිපත් කිරීම.

සතියේ දිනවල සඳුදා සහ බදාදා දිනවල කාර්යාලයට පැමිණ භාරදිය හැකිය.
විවෘත වේලාවන් පෙ.ව. 09.00-12.00 ප.ව. 01.30-4.15 දක්වා
රජයේ සියළුම නිවාඩු දිනවල වසා ඇත.

සේවයට අදාල වියදම.

මේ සඳහා මුදල් වැය නොවේ.

ගාස්තු

මේ සඳහා ගාස්තු අය නොකෙරේ.

වෙනත් අය කිරීම්

වෙනත් අය කිරීම් නොමැත.

උපකාරක ලියකියවිලි

උපකාරක ලියකියවිලි අවශ්‍ය නොවේ.

සේවා වගකීම්

තනතුර නම අංශය ලිපිනය දුරකථන
අංකය
ෆැක්ස්
අංකය

ඊමේල්
කම්කරු කොමසාරිස් එම්. ඩී. සී. අමරතුංග මිය
කාන්තා හා ළමා කටයුතු 7 මහල, කම්කරු කාර්යාලය, කොළඹ 05. +94-11-2587315,
(Hotline)
+94-11-2369800    
 +94-‍11-2587315      commwca@labourdept.gov.lk    

නියෝජ්‍ය කම්කරු කොමසාරිස්

v)'ta' fm%auj;S u(h කාන්තා හා ළමා කටයුතු 7 මහල, කම්කරු කාර්යාලය, කොළඹ 05.
7 මහල, කම්කරු කාර්යාලය, කොළඹ 05.
(Hotline)
+94-11-2369800
+94-11‍-2587315 premawca@hotmail.com
සහකාර කම්කරු කොමසාරිස් vnz'ta' fm%au,;d u(h
කාන්තා හා ළමා කටයුතු 7 මහල, කම්කරු කාර්යාලය, කොළඹ 05. +94-11-2368539  +94-11‍-2587315     -

විශේෂ අවස්ථා

විශේෂ අවස්ථා නොමැත.

ආදර්ශ දත්තයන් සමග ආකෘති අයදුම්පත

ආදර්ශ අයදුම්පත් නොමැත.

අවසන් යාවත්කාලීන කිරීම 2011 ජූලි 08 වෙනි සිකුරාදා, 09:41