මුල් පිටුව අපගේ සේවාවන්
දිස්ත්‍රික් කාර්යාල වලට ඉදිරිපත් කරන ලද පැමිණිලි සඳහා විසඳුම් නොලැබුණු විට යළි පැමිණිලි කිරීම.

මූලික සුදුසුකම් හා අවශ්‍යතා

1. දිස්ත්‍රික් කාර්යාල වලට ඉදිරිපත් කරන ලද පැමිණිලි සඳහා විසඳුම් නොලැබුණු විට මෙම අංශය වෙත යළි පැමිණිලි කිරීමට පුළුවන. සාමාන්‍යයෙන් මෙම පැමිණිලි හසුරුවන්නේ කම්කරු කොමසාරිස් සහ නියෝජ්‍ය කම්කරු කොමසාරිස් විසිනි.
2. විවිධ පැමිණිලි පිළිබඳව සලකා බලනු ලැබේ.

* වැඩ වර්ජන සහ තාවකාලිකව සේවය නතර කිරිම.
* සේවක පඩි නඩි වලට අදාල පැමිණිලි
* සේවක අර්ථසාධක අරමුදලට අදාල පැමිණිලි
* පැමිණිලි වල හදිසි තත්ත්වය අනුව
* කර්මාන්තශාලා විෂමතාවයන් පිළිබඳව පැමිණිලි
* ප්‍රාදේශීය කාර්යාල මගින් විසඳුම් නොලද විට
* කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට එරෙහිව කරනු ලබන පැමිණිලි

පහත සඳහන් කරුණු වලට නොගැලපෙන පැමිණිලි භාරගනු නොලැබේ.

* ආයතනය වසා දැමීම පිළිබඳ කරනු ලබන පැමිණිලි
* ආයතනය පිළිබඳ විස්තර නොමැති වීම.
* නියමිත පරිදි ලිපියනයන් සඳහන් කර නොතිබීම.

ඉදිරිපත් කිරීමේ විධි

සම්පූර්ණ විස්තර සහිත ලිපියක් මගින් කම්කරු කොමසාරිස් ජෙනරාල් වෙත පැමිණිල්ල ඉදිරිපත් කිරීම.
උපකාරක ලියවිලි සලකා බලන්න.

අයදුම්පත්

නියමිත අයදුම්පත් සකස් කර නොමැත.

ක්‍රියාවලිය පියවරෙන් පියවර

පියවර 1 : අයදුම්කරු දිස්ත්‍රික් කම්කරු කාර්යාලය වෙත පැමිණිල්ල ඉදිරිපත් කිරීම.
පියවර 2 : දිස්ත්‍රික් කාර්යාලය දිස්ත්‍රික් මට්ටමින් විසඳුම් ලබා දීම සඳහා පරීක්ෂණ පවත්වයි.
පියවර 3 : විසඳුමකට එළැඹීම

සටහන

දිස්ත්‍රික්ක කාර්යාලයෙන් විසඳුමක් නොලැබුණි නම් :

* දිස්ත්‍රික්ක කාර්යාලයෙන් පැමිණිල්ල සඳහා විසඳුමක් නොලැබුණි නම් කම්කරු කොමසාරිස් ජනරාල් මගින් එම පැමිණිල්ල විශේෂ විමර්ශන අංශයට යොමු කළ හැක.
* පැමිණිල්ලේ කරුණ පරික්ෂා කිරීම පිණිස විශේෂ විමර්ශන අංශය විසින් පරීක්ෂණ පවත්වනු ඇත.

පැමිණිල්ලේ සඳහන් කරුණු පරික්ෂණ මගින් සනාථ වුවහොත් :

* පැමිණිල්ලට අදාළ පාර්ශව සියල්ලම විශේෂ විමර්ශන අංශයට කැඳවා පරීක්ෂණ පවත්වනු ඇත.
* පරික්ෂණය පවත්වනු ලබන දින ලිඛිතව දැනුම් දෙනු ලබයි.
* පරීක්ෂණයෙන් හෙළිවන කරුණු මත ඊළග පියවර තීරණය කරනු ඇත.

පැමිණිල්ලේ සාධාරණ භාවය පරීක්ෂණ මගින් සනාථ නොවුණහොත්:

* පැමිණිල්ලේ සාධාරණ භාවය පරීක්ෂණ මගින් සනාථ නොවුනහොත් පරීක්ෂණ නිලධාරියා විසින් පැමිණිල්ල ප්‍රතික්‍ෂේප කරනු ලැබේ.

පරීක්ෂණ මගින් අදාළ පැමිණිල්ල කාර්මික ආරවුල් පනත යටතට ගැනෙන ආරවුලක් බව අනාවරණය වුවහොත් :

* දෙපාර්ශවය අතර සමථයක් ඇති කිරීමට දෙපාර්ශවය පොළඹවනු ඇත.
* දෙපාර්ශවය විසින් සමථ යෝජනාවට එකග වුවහොත් පැමිණිල්ල නිරාකරණය වේ.

යෝජනාවට එකග නොවුවහොත් :

* කාර්මික සම්බන්ධතා අංශයට එය යොමු කෙරේ.
* එහිදී බේරුම්කරණයටකට ඉදිරිපත් කිරීම සඳහා කුසලතා ප්‍රදානය කරනු ලබයි.
* අනතුරුව කම්කරු කොමසාරිස් ජනරාල් විසින් එය බේරුම්කරණය පිණිස අනුමැතියට අමාත්‍යතුමා වෙත ඉදිරිපත් කරනු ලබයි.
* ඇමතිතුමා විසින් එය බේරුම්කරුවෙකු වෙත යොමු කිරීමට අනුමැතිය දුන් පසු රජයේ ගැසට් පත්‍රයේ පල කිරීමෙන් එය කම්කරු බේරුම්කරුවෙකුට යොමු කෙරේ.

සේවා සඳහා ගතවන කාලය

ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කාලය

මේ සඳහා නිශ්චිත කාල සීමාවක් නොමැත. මතු දැක්වෙන කරුණු අනුව කාලය තීරණය වේ.

* පැමිණිල්ලේ ස්වභාවය
* පාර්ශවකරුවන්ගේ සහභාගිත්වය

සාමාන්‍ය වශයෙන් මාස 2 සිට වසරක් දක්වා කල් ගතවනු ඇත.

යොමු කිරීම්

01.ලිපියක් ගෙනවිත් භාරදෙන විට

වැඩකරන දිනවල සඳුදා සහ බදාදා දිනවල
විවෘත වේලාවන් පෙ.ව.09.00 - 12.00 ප.ව.1.30 - 3.45
නිවාඩු දිනවල සියළුම රජයේ නිවාඩු සහ වෙළඳ නිවාඩු දිනවල කාර්යාලය වසා තිබේ.

02.තැපෑලෙනු එවනු ලබන විට දින නියමයක් නොමැත.

වලංගු කාලය

පැමිණිල්ල විභාග කරනාතුරු වලංගු ය.

සේවයට අදාල වියදම

  • අයදුම්පත්

සකස් කරන ලද අයදුම්පතක් නොමැත.

  • ගාස්තු

මේ සඳහා මහජනයාගෙන් කිසිම ගාස්තුවක් අය නොකෙරේ.

උපකාරක ලියකියවිලි

* සේව්‍ය - සේවක සම්බන්ධතාවයන් තහවුරු කිරීමට අදාල පත්වීමේ ලිපිය
* වැටුප් වාර්තා
* සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල් වාර්තා

සේවා වගකීම්

තනතුර නම අංශය ලිපිනය දුරකථන
අංකය
ෆැක්ස්
අංකය
කම්කරු කොමසාරිස් එච්.කේ.කේ.ඒ. ජයසුන්දර මයා විශේෂ විමර්ශන
අංශය 7 මහල, කම්කරු මහලේකම් කාර්යාලය, කොළඹ 05.
+94-11-2369295
+94-11-2582577
සහකාර කම්කරු කොමසාරිස් අයි.ඩබි. චන්ද්‍රසිරි මයා විශේෂ විමර්ශන අංශය 7 මහල, කම්කරු මහලේකම් කාර්යාලය, කොළඹ 05. +94-11-2369115 +94-11-2369115