මුල් පිටුව අපගේ සේවාවන්
සංඛ්‍යා ලේඛන අංශයේ සේවාවන්

දැක්ම

''කම්කරු ක්ෂේත්‍රයට අදාල කාලීන හා විශ්වසනීය දත්ත සැලසුම් සම්පාදකයින්, පර්යේෂකයින් හා අනෙකුත් දත්ත ප්‍රයෝජනයට ගන්නන් සඳහා සැපයීම අපේ සමස්ත දර්ශනයයි.''

මෙහෙවර

''ජනතාවගේ අනාගත සුභසිද්ධිය සඳහා වූ සැලසුම්කරණයේදී කම්කරු ‍ක්ෂේත්‍රයට අදාල සංඛ්‍යාත්මක තොරතුරු එක්රැක් කිරීම, විග්‍රහ කිරීම හා බෙදාහැරීම අපගේ මෙහෙවරයි.

කාර්යභාරය

කම්කරු ක්ෂේත්‍රයට අදාල වාර්ෂිකව හා අර්ධවාර්ෂිකව පවත්වනු ලබන සමීක්ෂණ වලින් රැස්කරගන්නා ලද තොරතුරු ආශ්‍රයෙන් වාර්තා සකස් කිරීම ද, කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යංශයට අයත් විවිධ ආයතන වලින් සහ අනෙකුත් රාජ්‍ය ආයතන වලින් ලබා ගන්නා තොරතුරු අනුසාරයෙන් වාර්ෂිකව සංඛ්‍යා ලේඛන වාර්තා සකස් කිරීමද,පඩිපාලක සභා ආඥා පනත යටතේ නියම කරනු ලබන අවම වැටුප් පදනම් කරගෙන ආර්ථිකයේ ප්‍රධාන අංශ සඳහා අවම වැටුප් දර්ශක අංක සකස් කිරීම ද මෙම කාර්යභාරයට ඇතුලත් වේ.


ඉදිරිපත් කිරීමේ විධි

තොරතුරු ලබා ගැනීම සඳහා ලිඛිතව ද/ඊමේල් මගින්ද/දුරකථනයෙන් ද/මෙම අංශයට පැමිණීමෙන් ද ලබාගත හැක. සමීක්ෂණ වාර්තා පරිශීලනය කිරීම සඳහා මෙම අංශයෙන් පහසුකම් සපයා ඇත..

අයදුම්පත්

සංඛ්‍යා ලේඛන අංශයේ තොරතුරු ලබා ගැනීම සඳහා ආදර්ශ අයදුම්පතක් අවශ්‍ය නොවේ.

සේවාව සඳහා ගතවන කාලය

ඉල්ලා ඇති තොරතුරු වල ස්වභාවය මත කාලය රඳා පවතී.

යොමු කළයුතු වේලාවන්

රජයේ වැඩ කරන ඕනෑම දිනක රජකාරි කාලය තුළදී.

සේවයට අදාල වියදම

සංඛ්‍යාලේඛන අංශයේ තොරතුරු සැපයීම වෙනුවෙන් ගාස්තු අයකිරීමක් සිදු නොකරයි. එහෙත් අංශය මගින් වාර්ෂිකව නිකුත් කරනු ලබන ප්‍රකාශන වලට මිල ගණන් තිබේ.

උපකාරක ලියකියවිලි

තොරතුරු අවශ්‍ය වන්නේ කුමන හේතුවක් සඳහාද යන්න සනාථ කර ගැනීම සඳහා අදාල තොරතුරු වල අවශ්‍යතාවයේ ස්වභාවය දක්වන ලිපියක් ඉදිරිපත් කිරීම ප්‍රයෝජනවත්ය. එහෙත් එවැනි ලිපියක් අනිවාර්ය අවශ්‍යතාවයක් නොවේ.

සේවා වගකීම්

තනතුර නම අංශය ලිපිනය දුරකථන
අංකය
ෆැක්ස්
අංකය
නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.එච්.එස්. අබේනායක මහතා
සංඛ්‍යාලේඛන අංශය 6 මහල, කම්කරු දෙපාර්තමේන්තුව
කොළඹ 05.
+94-11-2369207     +94-11-2369207    

සංඛ්‍යාලේඛනඥ

එච්.ඩී.එන්. පද්මසිරි මහතා සංඛ්‍යාලේඛන අංශය
6 මහල, කම්කරු දෙපාර්තමේන්තුව
කොළඹ 05.
+94-11-2587632
+94-11-2369207
සංඛ්‍යාලේඛන නිලධාරී පී. එච්. ජේ. කේ. ගුණතිලක මයා
සංඛ්‍යාලේඛන අංශය 6 මහල, කම්කරු දෙපාර්තමේන්තුව
කොළඹ 05.
+94-11-2587632    +94-11-2369207    

සංඛ්‍යාලේඛනඥ

එල්. බී. කිංස්ලි මයා සංඛ්‍යාලේඛන අංශය
6 මහල, කම්කරු දෙපාර්තමේන්තුව
කොළඹ 05.
+94-11-2587632
+94-11-2369207

විශේෂ අවස්ථා

කම්කරු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අංශය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සමග සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවමින් ශ්‍රී ලංකා මහ බැංකුව, ජාත්‍යන්තර කම්කරු සංවිධානය වැනි දේශීය විදේශීය ආයතනවලට අවශ්‍ය කම්කරු සංඛ්‍යාලේඛන දත්ත සහ තොරතුරු ලබා දෙයි.
ආදර්ශ දත්තයන් සමග ආකෘති අයදුම්පත්නොමැත.

අවසන් යාවත්කාලීන කිරීම 2011 ජූලි 08 වෙනි සිකුරාදා, 09:16